ඔස්කා සම්මාන උලෙළේ තරුවක් වූ ඉන්දියාවේ 'පැල්පතේ තරුව'
පසුගියදා පැවැති ඔස්කා සම්මාන රාත්‍රිය ඉන්දියාවට විශේෂ විය. ඒ එහිදී ඉන්දියාවෙන් අලුත් බිහිවීම නිසාවෙනි. ඉන්දියාවේ මුඩුක්කු ජීවිතයක් ගතකළ, අන්ත දුප්පත් දරුවෙකුව සිටි තරුණ සනී පවර්ය. ඔහු හොලිවුඩයේ පැවැති ඔස්කා සම්මාන උලෙළේ තරුවක් වූයේ කෙසේද යන්න බොහෝ දෙනාට ගැටලුවක් වී තිබිණි. මේ සටහන ඒ පිළිබඳවය.
මොහුට ඔස්කා සම්මාන රාත්‍රියට යෑමට අවස්ථාව ලැබෙන්නේ "Lion" චිත්‍රපටය හේතුවෙනි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ දේව් පටෙල් විසිනි. ඔහුගේ කුඩා කාලය නිරූපණය කළ ඉන්දියානු දරුවා සනී පවර්ය. මෙම "Lion" චිත්‍රපටය ඔස්කා සම්මාන උලෙලේළට නිර්දේශ වූ අතර, දේව් පටේල් හොඳම සහාය නළුවාටද නිර්දේශ විය.
මුඩුක්කු ජීවිතයක් ගත කළ සනී පවර් අද වනවිට ලෝකයම දන්නා තරුවක් වී හමාරය. සනී බොහෝ සේ කැපී පෙනුණේ හොලිවුඩ් නළු ජිම් කිම්මෙල් විසින් ඔහු ප්‍රේක්ෂකාගාරයේ සිට ඔසවාගෙන සිටීම හේතුවෙනි. සනීට තවත් සහෝදරියක් සහ සහෝදරයෙක්ද සිටියි. සනීට "Lion" චිත්‍රපටය සඳහා අවස්ථාව උදාවන්නේ ළමයින් 2000 ක් අතරිනි.
එක කාමරයක් පමණක් ඇති නිවසක මොවුන් ජීවත්වන බවද මේ වනවිට මාධ්‍ය සඳහන් කරයි. සනී ඉගෙනගන්නා එයාර් ඉන්දියා නම් රජයේ පාසල ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහා ළමුන් තෝරාගන්නා බවට පාසල් නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව සනී ඒ සඳහා යොමුව තිබේ.
"Lion" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ දේව් පටේල් සනී පිළිබඳ කතාබහ කරනු ලබන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. ඒ ඔහුගේ කුඩා කාලයේ නිරූපණය ඉතාමත් අනර්ඝ බැවින් සහ සම්මානයක් සඳහා ඔහු නිර්දේශ වූ නිසාවෙනි. මෙවර ඔස්කා සම්මාන රාත්රියේදී emotional portrayal නම් සම්මානය සඳහා මේ ඉන්දියානු දරුවා නිර්දේශ විය. පසුගියදා නැවත ඉන්දියාව බලා පැමිණි සනී පිළිබඳ බොහෝදෙනා අද උනන්දු වී තිබේ. ඒ ඔහුගේ ජනප්‍රියතාව හේතුවෙනි.
“මටත් වඩා දක්ෂ ළමයි අපේ ඉස්කෝලේ ඉන්නවා. ඒත් කවුරුත්, කවදාවත් ඒ අයට කිසිම දෙයකින් උදව්වක් කරන්නේ නැහැ. ඒ නිසා ඒ අයට තියෙන හැකියාවන් එතනින්ම නතර වෙලා, ඉගෙනීමත් නතර වෙලා පාරෙ රස්සාවල් කරන තත්ත්වයට පත්වෙනවා. මේකට කවුරු හරි කෙනෙක් මැදිහත් වෙනවා නම් බොහොම ලොකු උදව්වක්* යනුවෙන් අවසානයේ සනී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ඩිලාන් ක්‍රිෂාන්ත