ඔස්කා සම්මාන උලෙළේ වැරදීම් ගැන පරීක්ෂණයක්
89 වැනි වරටත් පැවැති ඔස්කාර් සම්මාන උලෙළෙහි බොහෝ කතාබහට ලක්වූයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පිළිබඳ වැරදි නිවේදනයක් නිකුත් කිරීමයි. එහිදී නිවේදකයාට සිදුවූ අත්වැරදීම නිසා ලා ලා ලෑන්ඩ් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස ප්‍රකාශ වූ අතර, නමුත් ඒ විගසම ඔහු එය නිවැරදි කර මූන් ලයිට් චිත්‍රපටය හොඳම චිත්‍රපටය බවට නිවේදනය කළා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔස්කාර් සම්මාන උලෙළේ සංවිධායකයන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්. මෙහි තවත් සිදුවීමක් ලෙස සැලකෙන්නේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය හිමි සම්මානය සේල්ස්මන් චිත්‍රපටයට හිමි වූ නමුත්, එහි අධ්‍යක්ෂවරයා වන ඉරාන ජාතික අස්ගර් ෆර්හාඩ් මෙවර ඔස්කාර් සම්මාන උලෙළ වර්ජනය කිරීමයි.