'ඔරු ආදර් ලව්' සැප්තැම්බර් වලට කල්ගිහින්
ප්‍රියා ප්‍රකාශ්ගේ ඇස් නැටවිල්ලෙන් ලොවපුරා ජනප්‍රිය වූ ඕමාර් ලුලුගේ ‘ඔරු ආදර් ලව්’ චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වැනිදා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය ජුලි 07 වැනිදා ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබුණ අතර, චිත්‍රපටයේ ඇතුලත් දර්ශන කිහිපයක් ඉවත් කරනන්ට සිදුවීම හේතුවෙන් මෙම චිත්‍රපටය මෙසේ කල්ගත වූ බව සඳහන් වේ.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ප්‍රියා ප්‍රකාශ් හා අබ්දුල් රාවුෆ් දෙදෙනා පෙනී සිටින විඩියෝ පට බොහෝ ප්‍රමාණයක් ‘යුටියුබ්’ සමාජාල වෙබ් අඩවිය තුළ මිලියන පිරිසක් නරඹා ඇත. බොහෝ දෙනා පවසන්නේ මෙම චිත්‍රපටය මෙසේ කල්ගත කිරීම හේතුවෙන් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ප්‍රියාට මෙන්ම අබ්දුල්ටද ලැබෙන ප්‍රේක්ෂක උනන්ඳුව අඩුවනු ඇති බවය.