‘ඔරු ආදර් ලව්’ ආදරවන්තයන්ගේ දිනයේදී
පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටයක් බවට පත් වූ ඕමාර් ලූලා අධ්‍යක්ෂණය කළ ‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. පසුගිය කාලයේ විවිධ චෝදනා නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට නොහැකි වු අතර, මේ වනවිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නිතීයෙන් අවසර ලබාදී ඇත. පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කරන්නට නියමිත නිසාවෙන් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබු අතර, ඒ සඳහා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ප්‍රියා ප්‍රකාශ් හා රොෂාන් අබ්දුල් රූෆ් හා ජනප්‍රිය තෙළෙඟු චිත්‍රපට නළු අල්ලු අර්ජූන්ද එක්ව සිටියිහ.