'ඔක්තෝබර්', 'හිචිකි' සාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-24-ent-94

වරූන් ධාවන් රංගනයෙන් දායක වූ ‘ඔක්තෝබර්’ මෙන්ම රාණි මුඛර්ජි රංගනයෙන් දායක වූ ‘හිචිකි’ චිත්‍රපට මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන චිත්‍රපට දෙකක් බවට පත්ව ඇත. ටයිගර් ෂෙරොෆ් රඟපෑ ‘බාගි’ දෙවැන්න මෙන්ම අජේ දේව්ගන් රඟපෑ ‘රයිඩ්’ චිත්‍රපට ඉන්දීය රූපියල් කෝටි 100ක ආදායමක් උපයා ගනිද්දි ‘ඔක්තෝබර්’ මෙන්ම ‘හිචිකි’ චිත්‍රපට අති සාර්ථක වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් බව සිනමා විචාරකයන් සඳහන් කර ඇත.

‘ඔක්තෝබර්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 20ක් දරා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වූ අතර, එය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 45ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. එමෙන්ම ‘හිචිකි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 20ක වියදමක් දරා නිර්මාණය කර ඇති අතර, එය මේ වනවිට උපයාගෙන ඇති මුදකල ඉන්දීය රුපියල් කෝටි 75කි.