ඓශ්වර්යාගේ උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-14-ent-15

ගෙවී ගිය නොවැම්බර් 1 වෙනිදා ඓශ්වර්යා රායි බච්චන්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඇය මේ වසරේදී ඇගේ උපන්දිනය ඉතා නිහ`ඩ අන්දමින් සමරන්න තීරණය කළා. ඒකට ප‍්‍රධානම හේතුවක් වුණේ මේ වසරේ මුල් භාගයේදී ඇගේ පියා ජීවතුන් අතරින් සමුගෙන යාමයි.

ඒ නිසාම ඇය උපන්දිනය දවසේදී සිද්ධිවින්‍යාක් පන්සලට ගියා. ඒ ගියේ ඇගේ අම්මා හා දුව වන ආරාධ්‍යා බච්චන් සම`ගින්. ඔවුන් එක්ක පන්සල් යන්න එකතු නොවුණු ඇගේ ආදරණීය සැමියා වන අභිෂේක් බච්චන් ඇය වෙනුවෙන් කුඩා සාදයක් සංවිධානය කරලා. ඔවුන්ගේ නිවසේම පැවැත්වුණු මේ සාදයට සහභාගී වෙලා හිටියේ පවුලේ හිතවතුන් විතරයි කියලයි ආරංචිය.

මේ අතරතුරේදී ඓශ්වර්යා ගොඩක් මහත් වෙලා ඉන්න එක ගැන විවිධ පුද්ගලයින් පවසන දේවල් සම්බන්ධයෙන් අභිෂේක් බච්චන් ස`ගරාවකට අදහස් පළ කරලා තිබ්බා.

‘‘ඇය අම්මා කෙනෙක් වුණාට පස්සේ රංගන ජිවිතය කියන එක පිටිපස්සට ගියා. ඇය දැන් හැමදේම කරන්නේ ආරාධ්‍යා වෙනුවෙන්. ඇත්තටම ඇය සුපිරි අම්මා කෙනෙක්. ආරාධ්‍යා ඉපදුණාට පස්සේ ඇගේ සිරුර ගැන, ඇගේ බර ගැන මාධ්‍යවලින් විවිධ දේ පළවුණා. ඒ දේවල්වලින් මම ඇත්තටම අප්සෙට් ගියා. ඒත් ඓශ්වර්යා නම් එහෙම කණගාටුවක් පෙන්නුවෙත් මොනවත් කිව්වෙවත් නෑ ඒ ගැන. ඇය ව්‍යායාමගාරවල කාලේ ගත කරන්නේ නෑ කියලා ඇය ගැන දන්න අය දන්නවා..’’