‘ඒක් විලන්’ දෙවැන්නේ වැඩ අරඹයි
ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගත් ‘ඒක් විලන්’ චිත්‍රපටයේ දෙවැන්නෙහි රූපගත කිරිම් කටයුතු මේ දිනවල මුම්බායි නගරයේ සිදුවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට එක්ව සිටින සුරූපි තාරා සුටාරියා මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු පිළිබඳව සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා රසික පිරිස් දැනුම්වත් කර ඇත.
තාරා සුතාරියාට අමතරව, අර්ජූන් කපූර්, ඩිෂා පටානි හා ජෝන් ඒබ්‍ර්හිම් රංගනයෙන් දායක වෙයි. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට දින නියම වී ඇත්තේ ලබන වසරේ පෙබරවරි 22 වැනිදාය. කෙසේ වෙතත්, 2014 වසරේ තිරගත වූ ‘ඒක් විලන්’ චිත්‍රපටයට මෙම චිත්‍රපටයේ සම්බන්ධතාවයක් නොමැති බව සඳහන් වෙයි.