‘ඒක් විලන්’ දෙවැන්නට අලුත් නළුවෝ
ඉන්දීය රුපියල් කෝටි සියයක ආදායමක් උපයාගත් මෝහිත් සූරිගේ ‘ඒක් විලන්’ චිත්‍රපටයේ දෙවැන්නක් මේ වනවිට නිර්මාණය කරන්නට සැලසුම් කර තිබේ. වාර්තා වන අන්දමට පළමු චිත්‍රපටයේ රඟපෑ සිද්ධාර්ත් මල්හෝත්‍රා හා රිතෙක් දේශ්මුක් ඉවත් කොට ඒ වෙනුවට ජෝන් ඒබ්‍ර්හිම් හා ආදිත්‍ය රෝයි කපූර් දෙදෙනා සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. චිත්‍රපට අධ්‍යක්ෂ මෝහිත් සූරි පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වසරේ දෙවැනි භාගයේදී අරඹන්නට සූදානමින් සිටින බව. කෙසේ වෙතත්, චිත්‍රපටය තිරගත වන දිනය පිළිබඳව ඔහු අදහසක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වේ.