‘ඒක් විලන්’ දෙවැනි චිත්‍රපටයක් ලබන වසරේ
2014 වසරේ තිරගත වූ ‘ඒක් විලන්’ චිත්‍රපටයේ දෙවැන්නක් ලබන වසරේ නිර්මාණය කරන්නට එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මෝහිත් සුරි සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඔහු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා තෝරා ගෙන ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍රිහිම්ය.
ජෝන් ඒබ්‍ර්හිම් අවසන් වරට ප්‍රේක්ෂකයන් හමුවේ පසුගිය අගෝස්තු 15 වැනිදා ප්‍රදර්ශනය වූ ‘බට්ලා හවුස්’ චිත්‍රපටයේය. එය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත්, ‘ඒක් විලන්’ චිත්‍රපටයේ දෙවැන්න සඳහා ජෝන් සමගින් එක් වෙන අනෙකුත් නළුනිළියන් පිළිබඳව තවමත් කිසිවක් වාර්තා නොවේ.