ඒකල ගීත කලාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ජෝන් ඉංග්ලිෂ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-09-ent-98

බ්‍රිතාන්‍යයේදී උපත ලද ජනප්‍රිය ඔස්ට්‍රේලියානු ගායකයකු, සංගීතවේදියෙකු මෙන්ම නළුවකුද වන ජෝන් ඉංග්ලිෂ් මිය ගියේ පසුගිය වසරේ අද වැනි දිනකය. Turn the Page, Hollywood Seven, Words are Not Enough, Six Ribbons සහ Hot Town යන අදටත් ජනප්‍රිය ගීතවල හිමිකරුවා වන ඔහු, මහා ධමනි උපුලුවක් නිසා එදා මිය යන විට 66 වැනි වියේ පසුවූයේය.මේ ඔහු පිළිබඳ තබනා සටහනකි.

2017-03-09-ent-100ජොනතන් ජේම්ස් එංග්ලිෂ් නම් ඔහු, 1949 වසරේ මාර්තු මස 26දා එංගලන්තයේ ලන්ඩන් නුවර හැම්ප්ස්ටීඩ්හිදී උපත ලබන අතර 1961දී ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන්නේ තම දෙමාපියන්ගේ සංක්‍රමණයත් සමගයි. රෝහල් සේවිකාවක වූ ෂෙයිලා සහ ගුරුවරයකු සහ ගිලන් රථ රියදුරකු වූ සිඩ්නි ඉංග්ලිෂ්ගේ පුතෙකු වූ ඉංග්ලිෂ්ට, ජැනට්, ජෙරමි සහ ජිල් නමින් සහෝදර සහෝදරියන් තිදෙනෙකි.

කැබ්‍රාමැටා උසස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාළ ඉංග්ලිෂ්, තනිවම පියානෝ වාදනය උගත් තම පියා වූ සිඩ්නිගෙන් ගිටාරයක් ලැබීමෙන් සංගීතයට පිවිසෙන අතර, ඒ සිඩ්නි ගිටාර් වාදනයද, ඩ්‍රම්ස් වාදනයද තනිවම ප්‍රගුණ කළ නිසාවෙනි. ඒ අනුව ජැනට් තම බාල සහෝදරයා වූ ජෝන් රැගෙන සිඩ්නි ක්‍රීඩාංගණයට පැමිණ සුප්‍රකට %ද බීට්ල්ස්^ කණ්ඩායමට තම සොහොයුරා හඳුන්වාදෙන අතර, ඒ 1964 වර්ෂයේදී එම සංගීත කණ්ඩායම කළ ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරේදීයි.

මුල් කාලයේ ගායකයකු මෙන්ම සෙබස්තියන් හාඩි වෙනුවෙන් රිදම් ගිටාර් වාදකයකු ලෙසද කටයුතු කළ ඉංග්ලිෂ්, පසුව එම ගිටාර් වාදනයෙන් නික්මුණේ ඔස්ට්‍රේලියානු සංගීතමය වේදිකා නාට්‍යයක් වූ Jesus Christ Superstar නිර්මාණයේ ජූදාස් ඉස්කැරියට්ගේ චරිතය භාර ගනිමිනි. ඒ 1972 වසරේ මැයි මසදීය (එය පසුව රූපවාහිනියේද විකාශය විණ).

1978දී විකාශය වූ ඔස්ට්‍රේලියානු රූපවාහිනී කතා මාලාවක් වූ Against the Wind වෙනුවෙන් හොඳම නවක දක්ෂතාවයට හිමි TV Week Logie සම්මානය පවා දිනාගත් ඉංග්ලිෂ්, මෙහි සංගීත ඇල්බමය සමග නිකුත් කිරීමත් සමග අතිශයින් ජනප්‍රිය වීමට පටන් ගත් අතර, ඔහු ගැයූ පළමු ගීතය වූ Six Ribbons එම කාල වකවානුවේදීම නිකුත් කිරීම ඊට හේතුවයි. එය කොතරම් ජනප්‍රිය වූයේද යත් එකල මෙම ඇල්බමය සහ ගීතය නෝර්වීජියානු දර්ශකයේ අංක එකට පැමිණීමට පවා සමත් විණ.

1983 -1985 කාල වකවානුව අතරතුර පිට පිට දිනාගත් Mo සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වූ අතර පිට පිට තුන් වරක් වසරේ හොඳම විනෝදාස්වාදය සපයන්නා බවට පත්වූයේය.එසේම 1985දී හොඳම ප්‍රාසාංගික ගායකයාට හිමි සම්මානය දිනා ගැනීමටද ඔහු සමත් වූයේය. 1984දී ගිල්බර් සහ සුලිවාන්ගේ සංගීතරංගිකා වූ %The Pirates of Penzance^, %The Mikado^, %H.M.S. Pinafore^ සඳහාද දායක වීමට වාසනාවන්ත වූ ඉංග්ලිෂ්, 1994-1997 වසරේදී එහි නිෂ්පාදිත රූපවාහිනි නිෂ්පාදනයටද දායක වූයේය.

ඔස්ට්‍රේලියානු රග්බි ලීග් කණ්ඩායමක් වූ පැරාමැටා එයිල්ස් සඳහා දැඩි ලෙස ඇලුම් කළ ප්‍රේක්ෂකයෙකු ලෙසද ප්‍රකට ජෝන් ඉංග්ලිෂ්, ෆිට්ස්රෝයි පාපන්දු කණ්ඩායමටද දැඩි ලෙස ඇලුම් කළේය. එය කොතෙක්ද යත් ඔහු එම පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තමන් නිර්මාණය කළ %Some People^ ඇල්බමයේ ඇතුළත් ගීත 1983 වසරේ මැයි මසදී මෙල්බර්න් නගරයේ ඩල්ලාස් බෘක්ස් ශාලාවේදී නිකුත් කළ අවස්ථාවේදී එයින් ලැබුණු ප්‍රතිලාභද පරිත්‍යාග කළේය.

එහෙත් පසුගිය වසරේ පෙබරවාරියේදී අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රසිකයන්ද කම්පනයට පත්කරමින් රෝහල්ගත වූ ඉංග්ලිෂ්ට සැත්කමක් කිරීමට සිදුවන බවට තහවුරු වූ අතර, ඒ සමග සියලු ප්‍රසංගද අවලංගු කිරීමට සිදුවූයේය. කෙසේනමුත් සැත්කමින් පසු හට ගත් අතුරු ආබාධය හේතුවෙන් ජීවිතය රැක ගැනීමට වාසනාව නොලත් ඉංග්ලිෂ්, පසුගිය වසරේ මාර්තු 9 වැනිදා සවස මෙලොවින් සමුගත්තේය.

එහෙත් මෙම මිය යාම රසිකයන් කොතරම් කම්පනයට පත් කළාද යත් සිඩ්නි නගරයේ කැපිටෝල් රඟහලේදී ඔහු වෙනුවෙන් ෆෝස්ටර් බ්‍රදර්ස්, ජෝන් පෝල් යන්ග්, සීමන් ගැලැහර්,ජෝන් වෝටර්ස් ආදි ජනප්‍රිය ගායකයන් ගැයූ ඔහුගේ ගීත ඇතුළත් අනුස්මරණීය ප්‍රසංගයක්ද පවත්වනු ලැබුවේය.

 

මාලන් විදානපතිරණ

 

2017-03-09-ent-99