එළිදැක්වීමටත් පෙර කෝටි 120ක ආදායමක්
දමිළ නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන ‘විවේගම්’ චිත්‍රපටය එළිදැක්වීමටත් පෙර ඉන්දියානු කෝටි 120ක ආදායමක් ඉපැයූ බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. මේ මස 24 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය මෙවැනි ආදායමක් ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වන බව එහි අධ්‍යක්ෂක සිවා පවසා තිබේ. ඉන්දියානු රූපවාහිනි මාධ්‍යයක් වන SUN TV විසින් මෙම චිත්‍රපටයේ ගීතමය අයිතිය ඔවුන් විසින් මිලට ගෙන ඇති බවද සඳහන් වෙයි. ඒ ආකාරයෙන් විවිධ වූ මාර්ගවලින් ආදායමක් මෙම චිත්‍රපටය විසින් උපයාගෙන ඇත.