එම්රාන්ගේ අලුත් චිත්‍රපටයක් ජනවාරියේදී
2017 වසරේ තිරගත වූ ‘බද්ෂාඕ’ චිත්‍රපටයේ රඟපෑ එම්රාන් හෂිම් පසුගිය දිනවල බොලිවුඩ් සිනමාවල තුළ දක්නට නොලැබුණ නළුවෙකි. මේ වසරේ ජනවාරි 25 ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනය විමට නියමිත අතර, ඒ ‘චිට් ඉන්දියා’ චිත්‍රපටයයි.
හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ එම්රාන් සමගින් නවක නිළියක් වූ ශේරියා ධනවන්ති මෙහි රංගනයෙන් දායක වෙයි. එම්රාන්ගේ තවත් චිත්‍රපට තුනක් මේ වසරේ තිරගත වමට නියමිත අතර, ඔහු ජනප්‍රිය තරුවක් කළ ‘මර්ඩර්’ චිත්‍රපට මාලාවේ සිවුවැන්නද තිරගත විමට නියමිත චිත්‍රපට අතර තිබිම විශේෂත්වයකි.