එන්රිකේ ඉග්ලේසියස්ගේ අවුරුදු 14ක පෙම අවසන්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-17-ent-50

සුපිරි ලතින් ගායක එන්රිකේ ඉග්ලේසියස්ගේ පෙම්වතිය වනුයේ ඇනා කොවුර්නිකෝවා නමැති දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවය. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ඇරඹුණේ අද ඊයේ නොවන බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඔවුන් ආදරයට මුල පිරුවේ 2001 වසරේදීය. එම ආදර කතාවට ගත වූ වසර 14ක කාලය තුළ සිදුවූ සිදුවීම් බොහොමයක් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. විටෙක එය බිඳවැටීමට ගොස් නැවත ගොඩනැගුණු අවස්ථාවද පවතින බව සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මෙම ප්‍රේම සබඳතාව පිළිබඳ එන්රිකේගේ දෙමවුපියන් නොදන්නා බව සඳහන් වේ. තමන් විසින් ඇයව තම දෙමවුපියන්ට මුණ නොගැස්සූ බව එන්රිකේ සඳහන් කරයි.

මීට වසර 14කට පෙර එන්රිකේ සහ ඇනාගේ පෙම් කතාව පටන් ආරම්භ වූ අතර, එතැන් සිට කිහිප වතාවක්ම පැතිරී ගිය ආරංචිවල සඳහන් වූයේ, ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවන බවයි. නමුත් තවමත් මෙම යුවල විවාහ වී නොමැත. 2011 දී පැවැති ප්‍රසංගයකදී එන්රිකේ, රසික පිරිසට ඇනාව හඳුන්වා දෙනුයේ තම බිරිඳ ලෙසින්ය. එන්රිකේගේ පියා වන ජුලියෝ ඉග්ලේසියස් පැවසුවේ 2014දී තමන්ට සහ බිරිඳට ඇනාව මුණ ගැසුණු බවයි. ඒ අවස්ථාවේදී එන්රිකේ විසින් ඇයව හඳුන්වා දෙනු නොලැබූ බව ඔහු පවසා තිබිණි. කෙසේ නමුත් මෙම කාරණා එවැනි ලෙස පැතිරෙද්දී ඔවුන් දෙදෙනා විවාහ නොවී මෙතරම් කාලයක් සිටි හේතුව බොහෝ දෙනාට ගැටලුවක් බවට පත්ව ඇත. මේ වනවිට බොහෝ දෙනෙක් පවසනුයේ, ඇනා සහ එන්රිකේගේ පෙම අවසන් බවයි.

 

2017-08-17-ent-49