එදා පරණ අද අලූත් මෝස්තර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-23-ent-66

‘‘මම මගේ පරණ ඇදුම් විනාශ කරලා දාන්නෙ නෑ.. වුවමනා කෙනෙකුට කොටසක් දෙනවා.. අනිත් ඒවා පරිස්සම් කරලා අරන් තියනවා.. මොකද මම දන්නවා තව අවුරුදු දෙක තුනකින් මේවා අලූත් මෝස්තර විදියට ආපහු එනවා කියලා..’’

මෙසේ කියන්නේ බොලිවුඩයේ මෙගා තරුව අමිතාබ් බච්චන්ය. ඇදුම් නිර්මාණය කලාවක් බැව් හැදින ගන්නට මිනිසුන්ට කාලයක් ගත වූ බැව් ඔහු පවසයි. දැන් මිනිසුන් අවධානය යොමු කරන්නේ ප‍්‍රායෝගික බවට වඩා ඒ කලාවටය. විවිධාකාරයෙන් වර්ණ ගන්වා, වටිනා හෝ වටිනා බැව් පෙනෙන ගල් වර්ග අල්ලා, ඇ`දුම් අලංකාර කරන්නට මිනිස්සු පෙළඹී සිටිති. පාවහන් ද එසේමය.

‘‘මෝස්තරේ පරණයි කියලා ඇදුම් අහක දාන එක මෝඩකමක්.. ඒවයෙ පුංචි පුංචි වෙනස්කම් කරලා අලූත් ඇදුම් බවට පත් කර ගන්න පුළුවන්.. එක කාලයක් බෙල්බොටම් කලිසම් ආවා.. ඊට පස්සෙ බම්බුව වගේ ඒවා ආවා.. දැන් ආයෙමත් මිනිස්සු බෙල්බොටම් පි‍්‍රය කරන්න පටන් අරගෙන.. හැම මෝස්තරේම ඒ වගේ තමයි.. ඒ හින්දා බොරුවට අලූත් ඇදුම්වලට සල්ලි වියදම් කරනවාට වඩා පරණ මෝස්තර අලූත් ඒවා වගේ භාවිතා කරන එක හොදයි..’’ ඔහු කියන්නේය.