‘එක්ස්මෙන්’ නළුවාගෙන් ඉන්දියාවට ආධාරයක්
‘එක්ස් මෙන්’ චිත්‍රපට මාලාවේ ‘මහාචාර්ය චාල්ස් සේවියර්’ චරිතයට පණ දුන් ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ජේම්ස් මැකෝවයි මේ වනවිට නිල නොළත් රාජ්‍ය සංවිධානයක් හරහා ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ඉන්දියාවට ආධාර ලබාදිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ඔහු සිය ‘ටිවිටර්’ ගිණුම හරහා විඩියෝවක් පළ කරමින් ඉන්දියාව ‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් අසරණ ඇති බවත් ලෝකයේ අපි හැමදෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුබවත් ඔහු සිය විඩියෝව තුළ පවසා ඇත. ජේම්ස් සිය පෞද්ගලික ධනයෙන් මේ වනවිට ඉන්දියාවට අත්‍යවශ්‍ය වී ඇති ඔක්සිජන් සාන්ද්‍රක කිහිපයක් ලබාදීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.