එක්ස් මෙන්’ චිත්‍රපට හරහා නැවතත් සොෆියා
පසුගිය වසරේ අවසන් භාගයේදී ප්‍රදර්ශනය වූ ‘එක්ස් මෙන් - ද ඩාර්ක් ෆිනික්ස්’ චිත්‍රපටයේ මිය ගියද නැවතත් ඉදිරියේදී නිර්මාණය වන ‘එක්ස් මෙන්’ චිත්‍රපට තුළින් තමන්ව දැක ගත හැකි බව සුරූපි හොලිවුඩ් සිනමා නිළි සොෆියා ටර්නර් පසුගියදා පවසා ඇත.
දැනටමත් තමන්ට ‘එකස් මෙන්’ චිත්‍රපට බෙදාහරින ‘ඩිස්නි’ සමාගම ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත අලුත්ම ‘එක්ස් මෙන්’ චිත්‍රපටයේ තම චරිතය සුරක්ෂිතව ඇති බව පවසා තිබේ. එමෙන්ම තම ‘ටිවිටර්’ ගිණුම හරහා රසික, රසිකාවියන්ද ‘එක්ස් මෙන්’ චිත්‍රපට තුළින් නැවතත් තමන්ව දැක ගැනීමට දැඩි උනන්ඳුවකින් සිටින බවද ඇය පවසා සිටියි.