‘එක්ස් මෙන්’ චිත්‍රපටයේ සෙෆියාට ප්‍රධාන චරිතය
ජුනි 06 වැනිදා හොලිවුයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘එක්ස් මෙන් - ඩාර්ක් ෆිනික්ස්’ චිත්‍රපටයේ නවතම ප්රචාරක පසුගියදා නිකුත් කරනු ලැබීය. මේ වනවිටත් මිලියන 20කට අධික පිරිසක් මෙම ප්‍රචාරකපටය නරඹා ඇති අතර, සිනමා විචාරකයන් පවසන්නේ ‘ඇවෙන්ජර්ස් ඉන් ද ගේම්’ චිත්‍රපටයට වැඩිම ප්‍රේක්ෂක උනන්ඳුවක් ඇති චිත්‍රපටයට බවට මෙම චිත්‍රපටය පත්ව ඇති බවය. මෙම ප්රචාරකපටයේ දැක්වෙන අන්දමට ‘එක්ස් මෙන් - ඩාර්ක් ෆිනික්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සොෆියා ටර්නර්ට ලැබි ඇති බවය. කෙසේ වෙතත්, චිත්‍රපටයේ සමහර දර්ශනවල ඇය සිය මිතුරන්ට එරෙහිව සටන් කරන අයුරක්ද දක්නට ලැබේ.