එකම දවසේ තිරගත වු චිත්‍රපට අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-12-ent-196

සැප්තැම්බර් 22 වැනිදින ප්‍රදර්ශනය වූ සංජය දත්ගේ ‘භුමි’ හා ශ්‍රද්ධා කපූර්ගේ ‘හසීනා පාකර්’ චිත්‍රපට දෙකම මේ වන විට අසාර්ථක වී ඇත. තිරගත වූ කාලයේදී ‘භුමි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 8.5ක මුදලක්ද ‘හසීනා පාකර්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 6.85ක ආදායමක් උපයාගන්නට සමත් විය.

මීට පෙර සැප්තැම්බර් 15 වැනිදා තිරගත වු ෆර්හාන් අක්තාර්ගේ ‘ලක්නව් සෙන්ට්‍රල්’ මෙන්ම කංගනා රනවුත්ගේ ‘සිම්රන්’ චිත්‍රපටද, සැප්තැම්බර් 08 වැනිදා තිරගත වු සනි හා බොබිගේ ‘පෝස්ටර් බෝයිස්’ මෙන්ම අර්ජුන් රම්පාල්ගේ ‘ඩැඩි’ චිත්‍රපටද අසාර්ථක විය. මේ වසරේ එකම දවසේ තිරගත වු බොහෝ සුපිරි චිත්‍රපට අසාර්ථක ලැයිස්තුවට වැටී තිබීම විශේෂත්වයකි.