එකදිගට චිත්‍රපට චිත්‍රපට පහක් අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-73

ඔක්තෝබර් මාසයේදී තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට පහක් එක දිගට අසාර්ථක වී ඇත. ඔක්තෝබර් 05 වැනිදා තිරගත වූ ‘ලව්යාති’ මේ අතරින් අසාර්ථක වූ මුල්ම බොලිවුඩ් චිත්‍රපටය වන අතර, ඔක්තෝබර් 12 වැනිදා තිරගත වූ ‘ජල්බි’ දෙවැනි අසාර්ථක චිත්‍රපටය වේ. තුන්වැනි හා හතරවන අසාර්ථක බොලිවුඩ් චිත්‍රපට වී ඇත්තේ ඔක්තෝබර් 12 තිරගත වු ‘ෆෙඩෙයි’ හා එදිනම තිරගත වූ ‘එලා’ චිත්‍රපට දෙක වේ. පස්වැනි අසාර්ථක බොලිවුඩ් චිත්‍රපටය වී ඇත්තේ ඔක්තෝබර් 18 වැනිදා තිරගත වූ ‘නමස්තේ එංගලන්ඩ්’ චිත්‍රපටයයි.

‘ලව්යාත්‍රි’ චිත්‍රපටය සුපිරි නළු සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වන අතර, එම චිත්‍රපටයට වියදම් වූ මුදල පවා සොයා ගැනීමට නොහැකි විය. ‘ජල්බි’ චිත්‍රපටයේ ජනප්‍රිය සිනමා නිළි රිහා චක්‍රබෝර්තිද, ‘ෆෙඩෙයි’ චිත්‍රපටයේ ගෝවින්දාද, ‘එලා’ චිත්‍රපටයේ කාජල්ද, ‘නමස්තේ එංගලන්ඩ්’ චිත්‍රපටයේ අර්ජූන් කපූර් හා පරිනීති චොප්රාද රංගනයෙන් දායක වී තිබුණි. මෙම චිත්‍රපට කිසිවකට චිත්‍රපටය සඳහා වියදම් වූ මුදල පවා සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් වන්නේය.