එක ළඟ තිරගත වූ චිත්රපට තුනක් අති සාර්ථකයි
මාර්තු 16 වැනිදා තිරගත වූ අජේ දේව්ගන්ගේ ‘රයිඩ්’, මාර්තු 23 වැනිදා තිරගත වූ රාණි මුඛර්ජිගේ ‘හිචිකි’ හා මාර්තු 30 වැනිදා ප්රදර්ශනය වූ ටයිගර් ෂෙරොෆ්ගේ ‘බාගි’ දෙවැනි චිත්රපටය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
තිරගත වූ කාලයේදී ‘බාගි’ දෙවැනි චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 251ක්ද, අජේ දේව්ගන්ගේ ‘රායිඩ්’චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 142ක්ද, රාණි මුඛර්ජිගේ ‘හිචිකි’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 75ක්ද උපයා ගැනීමට සමත්විය.
මේ වසරේ තිරගත වූ චිත්රපට අතරින් එකදිගට තිරගත වූ චිත්රපට ත්රිත්වයක් අති සාර්ථක වූ පළමු අවස්ථාව ලෙස මෙය සිනමා ඉතිහාසයට එක් වේ.