එක රැයකින් නැවත උපත් ලැබූ ඇය "රනු මොන්ඩාල්"



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-968

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොලිවුඩයෙන් බිහි වූ නවක තරුවක් පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරයි. ඇගේ හඬට වශී වූ බොහෝ දෙනෙකු ඇය පිළිබඳව කතාබහ කිරීමටද සූදානම් වෙයි. ඇය අන් කවරකුවත් නොව බොලිවුඩයෙන් බිහි වූ නවක තරුවක් වන රනු මොන්ඩාල්ය. අප්‍රමාණ වූ කටුක ජීවිතයක් ගත කළ නවක ගීත කෝකිලාව හැඳින්විය හැකි ඇගේ ජීවිතය වෙනස් වන්නේ ඇයත් නොසිතූ ආකාරයෙනි. මොන්ඩාල් ඉන්දියාවේ බෙන්ගාලිහි රනාගට් දුම්රිය වේදිකාවේ ගී ගයමින් සිටි ගායිකාවකි. ඇගේ ජීවිතය වෙනස් වන්නේ ඊට සති දෙකක පසුවයි. ඇගේ ජීවිතය වෙනස් වීමට මූලික වන්නේ චිත්‍රපට ගායක හිමේෂ් රෙෂමියාගේ ඉදිරිපිට ගී ගැයීමත් සමගිනි. හිමේෂ්, රනු මොන්ඩාල්ගේ හඬ පිළිබඳව ඉතාමත් විමතියට පත් වන්නේ ඇයගේ %තේරී මේරි තේරි මේරි කහානි^ ගීයත් සමගිනි. එම ගීතයත් සමගින් ඇගේ ජීවිතේ තිබූ කටුක බව සහ වැරහැලි අද ඇය ළඟ නොමැත. මෙතැන් පටන් ඇගේ ජීවිත ඉතාමත් අනර්ඝ ජීවිතයක් බවට පත් වී හමාරය. බොලිවුඩ් නළු සල්මන් ඛාන් විසින් රුපියල් ලක්ෂ 165 නිවසක් සහ ඔහුගේ මීලඟ චිත්‍රපටයේ ගීත ගායන අවස්ථාවද ඇයට ලබා දී තිබේ. ඇගේ ජීවිතයේ තිබූ කටුක බව පිළිබඳව අප කෙටියෙන් සඳහන් කරමු.2019-08-09-ent-969

1960 වසරේදී උපත් ලැබූ ඇය ජීවිතේ කොපමණ කල් දුක් ගැහැට විඳි අයෙකුද බව දැන ගැනීමට එම කාලය ප්‍රමාණවත්ය. අවුරුදු දහ නවයේදී විවාහ දිවියට ඇතුළු වූ ඇය කුඩා කාලයේ සිටම තම දෙමාපියන් නොමැතිව ජීවිතය ආරම්භ කරනු ලබන්නීය. එබැවින් කුඩා කාලයේ සිට ඇය ජීවිතය ගත කරන්නේ සිය නැන්දා සමගය. අතිශය කටුක ජීවිතයක් ගත කරන ඇය, විවාහයෙන් පසුව මුම්බායි නගරයට පැමිණෙන්නේ යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් වුවද ඇයට හිමි වන්නේ ඇය ජීවත් වූ කටුක ජීවිතයයි. තම විවාහ ජීවිතයත් අහිමි වූ ඇය, තම උපන් ගමට පැමිණෙන්නේ විවාහයත් අසාර්ථක වූ ගැහැණියක් ලෙසයි.

තම ජීවිතයේ ඇති වූ දුෂ්කර බව හේතුවෙන් ඇය විශාදය රෝගයට ගොදුරු වී තිබේ. ඇය කුසගින්නේ දින ගණන් ගත කෙරූ දවස් තිබේ. කොපමණ දුක් කන්දරාවක් ඇය විඳ දරා සිටිය නමුත්, ගීත රසවින්දයට බොහෝ සේ ඇලුම් කළාය. තමන් අසනා ගීත රසවිඳීමත් සමගින් එම ගීත ඇය නැවත ගායනා කිරීමත් ඇය විනෝදාංශයක් ලෙස කළාය. ඇගේ ගීත ලෝකයේ වීරයන් බවට පත් වූයේ මොහොමඩ් රාෆි සහ ලතා මංගේශ්කාර් වැනි ප්‍රවීණ ගායන තරු බව ඇගේ අදහසයි. ඇයගේ මුවෙහි නිතර මුමුණන ලැබූ ගීත මොවුන්ගේය.

ඇගේ ජීවත වෙනස් වන්නේ චක්‍රබෝර්ති නම් තරුණයා නිසාවෙනි. රනාගට් දුම්රිය මැදිරියේ රේඩියෝවක මොහොමඩ් රාෆිගේ ගීතයක් වාදනය වන අතරේ තවත් කාන්තාවක් බිම හිඳගෙන එම ගීතය මුමුණනු ඇසිණි. එම මුමුණුම කෙතරම් මිහිරි වූ හෙයින් ඔහු විසින් තම දුරකථනයෙන් එම ගීතය පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඉතා ස්වල්ප මොහොතක් ඇතුළත ඇය ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඇය සුප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. එමෙන්ම ලක්ෂ ගණනින් එම ගීතය සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරු වී තිබේ. මෙම සිදුවීමෙන් පසුව ඇගේ ජීවිතය වෙනස් විය. ආහාර පාන නොමැතිව දින ගණන් සිටි ඇයට දැන් ආහාර පාන ඉඳුම් හිටුම් ගලාගෙන එයි. ගෞරවයක් නොලැබූ ඇය දැන් බොහෝ දෙනාගේ ආදරය, ගෞරවය හිමිකර ගනියි. දුක්ඛිත ජීවිතයෙන් මිදී ඇයට නව බලාපොරොත්තු සහිත ජීවිතයක් සඳහා වෑයම් කරන බව දැක ගැනීමට හැකිව තිබේ. වසර 50ක් ජීවිතයේ දුක් ගැහැටවලින් මිරිකුණු රනූ මොන්ඩාල්ගේ ජීවිත සශ්‍රීක වීමට කාලය එළැඹ ඇත. මේ වන විට ඉන්දියානු රූපවාහිනි නාලිකාවල සහ ගුවන් විදුලි නාලිකාවල ගීත ගායනයටද ඇයට අවස්ථාව හිමිව තිබේ.

දෛවය යනු මිනිසාට උරුම දෙයකි. දෛවය අපව කොතෙකුත් දුරට ගෙන යාවිද යන්න අපට තවමත් සිතිය නොහැකි කාරණාවකි. මේ ඇයගේ දෛවයද?, වාසනාවද? නැතහොත් ඇයගේ ලැබීමද? අප කිසිවක් නොදන්නෙමු.

 

Dilan Chryshantha

 

2019-08-09-ent-967   2019-08-09-ent-970