උර්වෂිගේ ‘ෆේස්බුක්’ ගිණුම හැක් කරලා
බොලිවුඩයේ සිටින සරාගිතම සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ උර්වෂි රවුටෙලාගේ පෞද්ගලික ‘ෆේස්බුක්’ ගිණුම පසුගියදා ‘හැක්’ කළ පුවතක් වාර්තා වේ. මේ වනවිට ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ අටියෙන් උර්වෂි මුම්බායි පොලිසියට ඒ සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව සිය රසික, රසිකාවියන් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා දැනුමවත් කර ඇති උර්වෂි කෙටි සටහනක් තබා ඇත්තේ තම ‘ෆේස්බුක්’ ගිණුම තුළින් එන පණිවිඩවලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසය. එමෙන්ම මේ වනවිට සිය පෞද්ගලික ‘ෆේස්බුක්’ ගිණුමේ ඇතුලත්ව තිබු ඇයගේ සරාගි ඡායාරූපයක් කිහිපයක්ද ‘හැක්’ කළ පුද්ගලයන් විසින් අන්තර්ජාලයට යොමු කර තිබෙන බව වාර්තා වේ.