උත්සව නැති කංගනාගේ 33 වැනි උපන්දිනය
බොලිවුඩ් චිත්රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන සිනමා නිළිය ලෙස ප්රසිද්ධව සිටින කංගනා රනවුත් මේ දිනවල සිය මවුපියන් ජීවත් වන ඉන්දියාවේ මනාලි නගරයේ රැඳි සිටියි. ඒ ඔවුන් සමග නිවසේ සිට %කොරෝනා^ රෝගය නිසාවෙන් නිරෝධායනය වෙමිනි.
එමෙන්ම මාර්තු 23 වැනිදාට යෙදි තිබුණ ඇයගේ 33 වැනි උපන්දිනයද සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙන සමග සමරන්නට කටයුතු කළ බවද සඳහන් වේ. වාර්තාවන අන්දමට කංගනා මෙසේ සිය පවුලේ සාමාජිකයන් රැඳි සිටින මනාලි නිවසේ උපන්දිනයක් සමරා තිබුණේ මීට බොහෝ කාලයකට පෙර බව සඳහන් වේ.