ඊශා ඩියොල් යළිත් මව් පදවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-04-ent-113

ධර්මේන්ද්‍ර හා හේමා මාලිනිගේ වැඩිමිහල් දියණිය වන ඊෂා ඩියොල් මේ වනවිට නැවත වරක් ගැබි ගෙන ඇතැයි ඉන්දීය සිනමා තොරතුරු වාර්තා කර සිටියි. 2012 වසරේ පෙබරවාරි 12 වැනිදා කෝටිපති ව්‍යාපාරිකයෙකු භාරත් ටක්ටානි සමගින් විවාහ වූ ඊෂා 2017 වසරේ අප්‍රේල් මාසයේදී සිය පළමු දරුවා බිහි කරනු ලැබුවාය.

මේ වනවිට හැවිරිදි වියෙහි පසුවන දියණියක්ද සිටින ඊෂා තමා යළිත් වරක් මවක් වී ඇති බව නිල වශයෙන් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා සිය රසික, රසිකාවියන්ට දැනුම්දී ඇත. මේ වනවිට ඊෂා රංගනයෙන් මුළුමුණින්ම ඈත්ව සිටින නිළියක්ද වේ.