ඉර්ෆාන්ගේ 'හින්දි මිඩියම්'
බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ජනප්‍රිය වී සිටින ඉන්දීය සිනමා නළු ඉර්ෆාන් රංගනයෙන් දායක වූ නවතම බොලිවුඩ් චිත්‍රපටය 'හින්දි මිඩියම්' පසුගියදා ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගන්නට සමත් විය. මෙය ඉර්ෆාන් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයා ගත් ඉහළම ආදායමද වේ.
ඔහු සමගින් පාකිස්තානු නිළි සාරා කමාර් මෙහි රංගනයෙන් දායක වූ අතර, ඇයගේ පළමු බොලිවුඩ් චිත්‍රපටයද මෙය වීම විශේෂයත්වයකි. මීට පෙර ඉර්ෆාන් ඛාන් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපටයක් උපයාගෙන තිබුණ ඉහළම මුදල වි තිබුණේ ඉන්දීය කෝටි 72කි. ඒ 'ගුණ්ඩේ' චිත්‍රපටයයි.