ඉම්රාන් හෂ්මි ගෙන් පිළිකා චිත්රපටියක්
සිය පුතුට වැළ`දුණ පිළිකාව සුවපත් කර ගන්නට වි`දි වෙහෙස පිළිබ`ද පොතක් ලියූ එම්රාන් හෂ්මි මෙවර තවත් අලූත් වැඩකට අත ගසා තිබේ. ඒ පිළිකාව ගැන කියැවෙන වාර්තාමය චිත්රපටියක ර`ගපෑමය. මෙම චිත්රපටිය නම් කර ඇත්තේ ද සී වර්ඞ් යනුවෙනි.
එම්රාන් ගේ හා පර්වීන් පළමු දරුවා ආයාන් බිහි වූයේ 2010 දීය. අවුරුදු හතරක් වෙද්දී එනම් 2014 දී ඔහුට පිළිකා රෝග ලක්ෂණ පහළ වූයේය. මුල් කාලයේදීම හැ`දින ගත් බැවින් බොහෝ වෙහෙස දරා වුවත් පුතු සුවපත් කර ගන්නට ඔවුනට හැකි වූයේය. එම්රාන්, ලයිෆ් ඔෆ් කිස් පොත ලිව්වේ ඒ වෙහෙස පිළීබ`ද කතාන්දරය බෙදා හදා ගැනීමට පමණක් නොව පිළිකා රෝගය ගැන අනෙක් අය දැනුවත් කිරීම ද අරමුණු කරගෙනය. ‘‘වාර්තා චිත්රපටියෙන් කරන්නෙත් පිළීකාව ගැන අනිත් අය දැනුවත් කිරීම.. චිත්රපටියෙ වැඩ තවම පටන් ගත්තා විතරයි..’’ ඔහු කියන්නේය.