‘ඉන්දීයන්’ දෙවැන්නට නිෂ්පාදකයන්ගේ අකමැත්ත
ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබු ශංකර්ගේ ‘ඉන්දීයන්’ දෙවැනි චිත්‍රපටය මේ වනවිට නිෂ්පාදකයින් විසින් නවතා දමන්නට තිරණය කර ඇතැයි වාර්තා වේ. 2017 වසරේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදීම ‘ඉන්දීයන්’ දෙවැන්න පිළිබඳව මාධ්‍යය හරහා විශාල කතාබහක් ඇතිවුවද තවමත් මෙහි වැඩ කටයුතු සියයට 40ක් වැනි අඩු ප්‍රතිශතයකින් අවසන්ව ඇති බව සඳහන් වේ.
මේ වසරේ පෙබරවාරි 20 වැනිදා චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන කමල් හසන් රිය අනතුරකට මුහුණදුන් අතර ඔහුට පසුව සැත්කම් කිහිපයක්ද සිදු කර තිබුණි. කාජල් අග්‍රවාල්, රකුල් පිත් සිං, සිද්ධාර්ත් ආනන්ද වැනි ජනප්‍රිය දකුණු ඉන්දීය තරුද මෙම චිත්‍රපටය සඳහා එකතු වි තිබුණි.