ඉන්දීය සිනමා ඉතිහාසය වෙනස් වෙයිද?
ලබන වසරේ පෙබරවාරි 09 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේදී පැවැත්වීමට නියමිත 92 වැනි ‘ඔස්කා’ සිනමා සම්මාන උළලේදී හොඳම විදෙස් චිත්‍රපට සඳහා සෝයා අක්තාර් විසින් නිර්මාණය කළ ‘ගල්ලි බෝයි’ චිත්‍රපටය නිර්දේශ වී තිබේ. ලැබෙන වාර්තාවලට අනුව මෙම චිත්‍රපටය මෙවර ‘ඔස්කා’ සම්මාන උළලේදී හොඳම විදෙස් චිත්‍රපටය වීමට වැඩි ඉඩක් පවතින බවට තොරතුරු වාර්තා වේ. එවැන්නක් සිදුවුවහොත් එය ඉන්දීය චිත්‍රපටයක් ‘ඔස්කා’ සිනමා උළෙලදී හොඳම විදෙස් චිත්‍රපටයට ලෙස සම්මානයට පාත්‍රවන පළමු අවස්ථාව ලෙස ඉන්දීය සිනමා ඉතිහාසය එක් වෙයි.