ඉන්දීය රුපියල් කෝටි 400ක් උපයාගත් ‘සහෝ’
අගෝස්තු 30 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වූ සුජිත්ගේ ‘සහෝ’ චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 400කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සමත් විය. ඒ අනුව මේ වසරේ බොලිවුඩයේ මෙන්ම ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වීමට ‘සහෝ’ට හැකි වී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ තිරගත වී දින 7ක් ඇතුළතදී මෙවැනි විශාල ආදායමක් මෙම චිත්‍රපටය උපයා ගැනීමය. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා යාශ්රාජ් චිත්‍රපට සමාගමට ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වැය වී තිබෙන බවද සඳහන් වේ.