ඉන්දීය රජයට ආක්ෂේගෙන් කෝටි 25ක්
‘කොරෝනා’ වසංගතයට එරෙහිව ඉන්දීය රජය ගෙන යන සටනට සහය දැක්වීමේ අරමුණින් බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් සිය පෞද්ගලික මුදලින් ඉන්දීය රුපියල් කෝටි 25ක මුදලක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ අගමැති අරමුදලට පරිත්‍යාග කළ පුවතක් ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටියි.
මේ සම්බන්ධව ඉන්දීය මාධ්‍යය ආක්ෂේ කුමර්ගේ බිරිඳ සිනමා නිළි ටිවින්කල් ඛාන්නාගෙන් විමසා ඇති අතර, ඇය පවසන්නේ තමාට තම සැමියා පිළිබඳව කිව නොහැකි ආඩම්බරයක් මෙම ක්‍රියාවලිය නිසාවෙන් ඇතිව තිබෙන බවය. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ආක්ෂේ නිතරම තමන්ට ආදරය කරන මිනිසුන් ගැන හිතන සුන්දර කලාකරුවෙකු බවය.