ඉන්දීය නිදහස් දිනයේදී
පසුගිය අගෝස්තු 15 වැනිදාට යෙදී තිබුණ ඉන්දීය නිදහස් දිනදා බොලිවුඩ් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබිය. ඒ ආක්ෂේ කුමාර්ගේ ‘ගෝල්ඩ්’ හා ජෝන් ඒබ්‍ර්හිම්ගේ ‘සාම්මෙවා ජායති’ චිත්‍රපට දෙකය.
මෙම චිත්‍රපට දෙකේම ඉන්දිය වීරයන් දෙදෙනෙකු අලලා නිර්මාණය කරන ලද චිත්‍රපට වීඹම විශේෂත්වයකි. කාලයක සිට බොලිවුඩයේ ඉතා හොඳ මිතුරන් බවට පත්ව සිටින ආක්ෂේ හා ජෝන් දෙදෙනාගේ චිත්‍රපට දෙකක් එකම දිනයකදී ප්‍රදර්ශනය කිරීමද කැපී පෙනෙන සිදුවිමකි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපට දෙකේම ආදායම් අතින් සාර්ථක ඒවාවනු ඇති බවය.