ඉන්දීය ආරක්ෂකයින්ට ආක්ෂේගෙන් ආධාර
දිවාලී දිනය වෙනුවෙන් බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මහාරාෂ්ට් ප්‍රාන්තයේ මියගිය හමුදා හා පොලිස් නිලධාරින්ගේ පවුල්වලට මෙන්ම ආබාධිත ඉන්දීය රණවිරුවන්ට ආධාර වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 25ක මුදලක් පිරිනමා ඇති බව වාර්තා වේ. සිය නිවසේ මෙවර දිවාලි උත්සවය වෙනුවෙන් සාදයක් නොපවත්වන අතර, ඒ වෙනුවෙන් තමා ඒ මුදල් මෙසේ ආධාර වශයෙන් ලබාදීමට කටයුතු කළ බව සඳහන් වේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ආක්ෂේ රණවිරුවන් වෙනුවෙන් මෙවැනි ආධාර පිරිනමා තිබුණි. 50 වැනි වියෙහි පසුවන ආක්ෂේ තමා උපන් මහාරෂ්ට් ප්‍රාන්තය වෙනුවෙන් නොයෙකුත් සමාජ සේවා සත්කාරයන් සිදු කල ජනප්‍රිය පුද්ගලයෙකුද වේ.