ඉන්දියාව හෙල්ලූ විදෙස් තරුව Dytto



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-09-ent-23

ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන විශාලතම රියලිටි තරගයක් වන Dance Plus 3 තරගය පිළිබඳව බොහෝදෙනාගේ අවධානයක් යොමුව තිබෙනවා. අති දක්ෂ නතර්න ශිල්පීන් මෙහි තරග බිම හැඩ කරන බව බොහෝදෙනාගේ අදහසයි. බොලිවුඩ් තරුවක් වන ෂාරුක් ඛාන්ද පසුගිය දිනෙක මෙහි ආරාධිත අමුත්තෙකු ලෙස එකතු වුණා. එහිදී ඔහුට ලබාදුන් පුදුම කිරීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම කතාබහට ලක්වුණා. Dance Plus 3 සඳහා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වන්නේ ප්‍රසිද්ධ තරු වීමද සුවිශේෂී කරුණක්. පසුගිය සතියේ පැවති Dance Plus 3 හි ආරාධිත අමුත්තියක ලෙස පැමිණි Dytto වේදිකාව මත ඉදිරිපත් කරනු ලැබූ නර්තනය ඉන්දියාවම හෙල්ලී ගිය බව ඇතැමුන් සඳහන් කරනු ලැබුවා.

2017-08-09-ent-27Dytto යනු ලෝක ප්‍රසිද්ධ නර්තන තරුවක්. ඇය නිරූපිකාවක් ලෙස මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනු ලබනවා. WOD (world of Dance) තරුවක් ලෙසද ඇයව හඳුන්වනවා. 19 වැනි වියේ පසුවන ඇය මේ වන විට ලෝකයම හෙල්ලු නර්තන තරුවක් වී හමාරයි. ඇයව හඳුන්වනු ලබන්නේ animation dancer කෙනෙකු ලෙසයි. ඒ ඇයගේ නර්තන ශෛලිය නිසයි. ඇය මේ වන විට Xcel Talent Agency හි වෘත්තීමය නර්තන ශිල්පිනියක ලෙසින්ද කටයුතු කරයි.

ඉතාමත් ළාබාල වියේ පසුවන ඇය මේ වන විට තම නර්තන හැකියාව ඔස්සේ ලෝකයම මවිත කර හමාර බව බොහෝදෙනා සඳහන් කරයි. මියාමි ෆ්ලෝරීඩා හි උපන් Dytto නර්තන හැකියාව ලොවට පෙන්වන්නේ 2014 වර්ෂයේදීයි. ඒ ඇය දායක වූ පළමු තරගයේදී ඉදිරිපත් කරනු ලැබූ Barbie Girl නර්තනය මගින්. ඇය දායක වූ එම නර්තන තරගයෙන් ජයග්‍රහණය කිරීමටද ඇය සමත් වුවා. Dytto ගේ නර්තන හැකියාව ඔස්සේ ඇය සමාජ වෙබ් අඩවි හරහාද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙනවා. ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියන 3කට අධික බවයි සඳහන් වන්නේ. Dytto විසින් කරනු ලබන නර්තනයන් ලෝකය සමග බෙදා ගැනීමට ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම භාවිත කරයි. ඒ හරහා ලෝකයේ සංවිධානය වන ඕනෑම නර්තන තරගයක් සඳහා ඇයට දායක වීමේ අවස්ථාව හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Dytto පසුගියදා Dance Plus 3 තරගය සඳහා දායක වීමෙන් තමන්ට ආදරය කරනු ලබන රසික පිරිස තව තවත් වැඩිකර ගැනීමට සමත් වූ බව සඳහන් කරයි.

 

 2017-08-09-ent-26 2017-08-09-ent-25 2017-08-09-ent-24