ඉන්දියාව යටිඋඩු කරන 'හේට් ස්ටෝරි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-19-ent-66

2017-10-19-ent-68‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක වූ චිත්‍රපට මාලාවක් විය. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් හිමිවූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොමැත. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙස නිර්මාණය වූ ‘හේට් ස්ටෝරි’ චිත්‍රපටයේ හතර වැන්න එළිදැක්වීමට සූදානම් බව මේ වනවිට ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරයිත. එය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව බවත්, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උර්වෂි රවුටෙලා දායක වීමට නියමිත බවත් සඳහන් වෙයි. බොලිවුඩ් සිනමාවේ සිටින සරාගී නිළියන් අතරින් කෙනෙකු ලෙස ඇයව බොහෝ දෙනා හඳුන්වති. ඇය අඩ නිරුවත් දර්ශන සඳහා මීට පෙරත් දායක වී ඇති නිසා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරා ගත් බව සඳහන් වෙයි. කෙසේ වුවත් නවක නිළියක් වන ඇය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූයේ නිරූපිකාවක් වශයෙනි. ඇය සමාජ වෙබ් අඩවි ඔස්සේ බොහෝ දේ විවේචනය කරනු ලබයි.

උර්වෂි රවුටෙලා සිනමා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ 2013 වර්ෂයේදී ‘සින්ග් ෂාබ් ද ග්‍රේට්’ හරහාය. එම වර්ෂයේ ඇයට රංගනය සඳහා වරම් හිමිවූයේ එම චිත්‍රපටය සඳහා පමණි. ඉන්පසුව ඇයට (2014) දී චිත්‍රපටයක් සඳහා අවස්ථාව ලැබුණි. ඉන්පසුව 2014 වර්ෂයේදී එළිදැක්වූ අන්තර්ජාතික වීඩියෝ ගීත ඇල්බමයක් සඳහා දායක වීමටද ඇයට අවස්ථාව හිමිවිය. 2015 වර්ෂයේදී ඇයට චිත්‍රපට 3ක් සඳහා වරප්‍රසාද හිමිව තිබේ. ඒ ඔක්තෝම්බර් මාසයේ එළිදැක්වූ ‘මිස්ටර් අයිරාවාටා’ චිත්‍රපටයයි. ඒ චිත්‍රපටය හරහා ඇය නැවතත් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ලදී. 2016 දී ඇයව බොහෝ ප්‍රසිද්ධියට පත් වූ චිත්‍රපටයක් වූයේ ‘සනම් රේ’ චිත්‍රපටයද, විවේක් ඔබරෝයි සමග රංගනයෙන් දායක වූ ‘ග්‍රේට් ග්‍රෑන් මස්ති’ චිත්‍රපටයයි. මෙම වර්ෂයේදී ඇය රිතික් රෝෂන් ප්‍රධාන රංගනයට දායක වූ ‘කාබිල්’ චිත්‍රපටය සඳහා දායක විය. ලබන වසරේ ඇයගේ ‘හේට් ස්ටොරි 04’ වැන්න එළිදැක්වීමට නියමිතය.

සිනමා නිළියක් වීමට ප්‍රථමයෙන් ඇය නිරූපිකාවක් ලෙස බොහෝ කටයුතු කරන ලදී. එහිදී චිත්‍රපට කර්මාන්තයට යොමුවීමට මූලික අඩිතාලම වූයේ නිරූපණ වෘත්තිය බව ඇය සඳහන් කරයි. 2011 වර්ෂයේදී ‘මිස් ටුවර්රිසම් කුයීන් ඔෆ් ද ඉයර්’ ලෙස චීනයේදී ඇයව පත්කෙරුණි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 17කි. 2011 වර්ෂයේදී දකුණු කොරියාවේදී ‘මිස් ඒසියන් සුපර් මොඩල්’ ලෙසද නම් කෙරුණි. 2012 වර්ෂයේදී ‘මිස් යුනිවර්ස් ඉන්දියා 2012’ ලෙස කිරුළ පලඳින ලදී. නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය අධ්‍යාපනය පැතිකඩත් ඉතාමත් හොඳින් අවසන් කෙරූ අයෙකි. ඒ ඉංජිනේරු අංශයෙන් සහ තොරතුරු තාක්ෂණයෙන් උපාධිධාරිනියක් වීමයි. කෙසේ වුවත් කොපමණ දක්ෂ රංගන ශිල්පියෙකු වූවත් ඇයව බොහෝ දෙනා විවේචනය කරනු ලබයි. ඒ ඇයගේ ඇතැම් චිත්‍රපට වල රංගනය බවයි සඳහන් වෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

  2017-10-19-ent-67