ඉන්දියාව දෙවනත් කළ නවක තරුව 'භූමි පෙඩ්නේකර්'
හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති ‘‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය පසුගියදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් කිහිපයක ප්‍රදර්ශනය ආරම්භ කෙරිණ. ජනප්‍රිය නළුනිළියන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය වූ චිත්‍රපටයක් ලෙසද සැලකේ. ඉන්දීය රුපියල් කෝටි 17ක වියදමකින් තැනුණ මෙම සිනමාපටයේ ප්‍රධාන නළු චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ය. ආක්ෂේ කුමාර් මෑත කාලයේ රංගනයෙන් දායක වූ අඩු නිෂ්පාදන චිත්‍රපටය ලෙසින්ද මෙය හැඳින්විය හැකිය. ඔහු මෙහි එන ‘කේශව්’ නම් චරිතයට පණ පොවන අතර, ඔහුගේ බිරිඳ ‘‘ඡයා’ ලෙසින් භූමි පෙඩ්නේකර් රංගනයෙන් දායක වෙයි. 2015 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසි භූමි පෙඩ්නේකර්ගේ දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙයයි. ඇයගේ ප්‍රථම චිත්‍රපටය වූයේ ‘‘ඩූම් ලගා කේ හසීනා’ චිත්‍රපටයයි. ඇය එහි කළ රංගනයට වසරේ හොඳම නැගී එන නවක නිළිය ලෙස සම්මාන රැසක් දිනාගත්තාය.
1989 වර්ෂයේදී උපන් භූමි රංගනයට පිවිසෙන්නේ ඉතාම මෑතකාලයේදීය. ඇය රංගන ශිල්පිනියක් වීමට ප්‍රථමයෙන් සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන යෂ් රාජ් ෆිල්ම්ස් චිත්‍රපට ආයතනයේ සහාය අධ්‍යක්ෂකවරියක් ලෙසද සේවය කර තිබේ. භූමි සිනමාවට පිවිසෙන්නේ ඉතාමත් අහම්බෙන් බවයි ඇය පවසන්නේ. 2015 වර්ෂයේදී තිරගත වූ ‘ඩුම් ලගා කේ හසීනා’ චිත්‍රපටය ඇයගේ රංගන ජීවිතය සඳහා අඩිතාලම දමයි. එම චිත්‍රපටය හේතුවෙන් ඇයට 2016 වර්ෂයේදී සම්මාන 07ක් හිමිකර ගැනීමට හැකි විය. ඇයට මෙම වර්ෂයේදීද චිත්‍රපට දෙකක් සඳහා අවස්ථාව උදාවී තිබේ.
‘‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ මේ වන විට විශාල ආදායම් වාර්තා හිමිකර ගනිමින් මේ වන විට ඉදිරියෙන්ම තිබේ. එමෙන්ම සැප්තැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත ‘සුභා මන්ගල් සව්ධාන්’ හි රූගත කටයුතු සඳහාද භූමි මේ දිනවල දායක වෙමින් සිටී. 2018 වර්ෂයේදීද ඇයට එක් චිත්‍රපටයක් සඳහා ආරාධනා හිමිව ඇති බව සඳහන් කරයි. ‘අභිෂේක් චෟබේ’ නම් වූ එම චිත්‍රපටය 2018 වර්ෂයේ අවසන් කාලයේදී තිරගත වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. 28 වැනි වියේ පසුවන භූමි පෙඩ්නේකර් සිනමා ක්ෂේත්රයට නවකයෙකි. එවැනි නවකයෙකු විසින් ප්‍රවීණ රංගන ශිල්පියෙකු සමග දායක වූ දෙවැනි චිත්‍රපටය මේ වන විට ඉන්දියානු සිනමාව දෙවනත් කරමින් තිරගත වෙමින් තිබේ. මෙම චිත්‍රපටය මේ ආකාරයෙන් වාර්තා තැබීමට හේතුව ආක්ෂේගේ වාසනාව බවයි බොහෝදෙනා සඳහන් කරන්නේ.