ඉන්දියානු හමුදාවට බොලිවුඩයේ ආචාරය
ඉන්දියානු යුද හමුදාවේ 70 වෙනි හමුදා දිනය පසුගියදා සමරනු ලැබිණි. ඒ වෙනුවෙන් ඉන්දියාවේ මෙගා තරුව අමිතාබ් බච්චන් ඇතුළු නළුනිළියන් රැුසක්ම සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබේ. හමුදාවේ එඩිතර බව, තමන්ගේ හිතෛෂීන්ගෙන් ඈත් වී, ඔවුන්ට තමාගෙන් ඉටු විය යුතු යුතුකම් අමතක කොට රට වෙනුවෙන් කැප වීම බොලිවුඩයේ ප්රශංසාවට හා ප්රණාමයට පාත්ර වී තිබිණි.
‘‘ලක්ෂ්ය චිත්රපටිය වෙනුවෙන් මම හමුදා ක`දවුරක පුහුණු වීම් කළා.. ඒ ලැබුණ කායික, මානසික පුහුණුව අදටත් මට අමතක වෙන්නෙ නෑ..’’ යුද හමුදාවට සුබ පතමින් එසේ කියන්නේ රීතික් රොෂාන්ය. හමුදාවේ වීරත්වය, ආචාරශීලීත්වය, විනය පිළිබ`ද පැහැදිලි හැ`ගීමක් ලබා ගන්නට එම පුහුණුවේදී ඔහුට හැකි වූයේය. එය වෙනත් කිසිම පුද්ගල කණ්ඩායමක දැකිය නොහැක්කක් බැව් ඔහු කියයි.