ඉන්දියානු කතාමාලාවක් හොලිවුඩයට?
බිලාල් සිද්ධික් රචිත ‘Based on Bard’ ග්රන්ථය ඇසුරින් චිත්රපටයක් නිර්මාණය කරන බව හොලිවුඩ් චිත්රපට සහ කතාමාලා නිෂ්පාදනය, විකාශනය කරන සමාගමක් ලෙස ලොව ප්රසිද්ධියට පත් ‘නෙට්ෆ්ලික්ස්’ සමාගම නිවේදනය කර තිබේ. එයට ෂාරුක් ඛාන් සම්බන්ධව සිටියි. මෙහිදී ෂාරුක් ඛාන් පැවසුවේ ඉන්දියානු කතාමාලාවක් ඉහළ පන්තියක් වෙනුවෙන් නිර්මාණය කිරීමට බොහෝ වෙහෙසක් දරණ බවත්, මෙම සමාගම එය ඉතාමත් පහසුවෙන් කරන බවත්ය. එම කතාමාලාව හින්දි, උර්දු, ඉංග්රීසි සහ තවත් භාෂා කිහිපයකින් නිර්මාණය කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.