‘ඉන්දියානා ජෝන්ස්’ අලුත් එකට ෆෝබි
ඉහල ආදායමක් උපයාගත් හොලිවුඩ් චිත්රපට මාලාවක් ලෙස ප්රසිද්ධ ‘ඉන්දියා ජෝන්ස්’ චිත්රපට මාලාවේ අලුත් කොටසක් එළැඹෙන 2022 වසරේ ප්රදර්ශනය කිරිමට සූදානමක් පවතින බව වාර්තා වෙයි. පසුගියදා මෙම චිත්රපටයට සම්බන්ධව වන නළුනිළියන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.
සුපුරුදු පරිදි මෙම චිත්රපටයේද ‘ඩොක්ටර් හෙන්රි’ හෙවත් ‘ඉන්දියා ජෝන්ස්’ ලෙස හැරිසන් ෆෝඩ් රංගනයෙන් එක්විමට නියමිතව ඇත. ඔහු සමග ප්රධාන නිළි චරිතයට තෝරා ගෙන ඇත්තේ 35 වැනි වියෙහි පසුවන ෆෝබි වොලර් බව සඳහන් වෙයි.