‘ඉන්දියන්’ දෙවැන්නට තවත් ජනප්‍රිය නළුවෙක්
ඉන්දීය රුපියල් කෝටි 200ක වියදමින් තැනෙන ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටය සඳහා ජනප්‍රිය ඉන්දීය සිනමා නළු සීදාර්ත් ආනන්ද සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. මේ වසරේ දකුණු ඉන්දීය චිත්‍රපට තුනකින් දකින්නට ලැබෙන සිදාර්ත් ප්‍රේක්ෂයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ‘බෝයිස්’ දකුණු ඉන්දීය චිත්‍රපටය තුළිනි.
සිදාර්ත්ට අමතරව, ප්‍රියා භවානි, කාජල් අග්‍රවාල් මෙන්ම බොලිවුඩ් සිනමා නළු විද්‍යුත් ජමාල්ද ‘ඉන්දියන්’ දෙවැන්නට මේ වනවිට එකතු වී සිටින අනෙකුත් නළුනිළීයන් වේ. ප්‍රධාන චරිත කමල් හසන් හා රුකුල් ප්‍රීත් සිං නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය ලබන වසරේ 2012 වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතය.