‘ඉන්දියන් 2’ නිළියන් දෙදෙනෙක්
අගෝස්තු 19 වැනිදා රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන ‘ඉන්දියන්’ දෙවැනි චිත්රපටය සඳහා මේ වනවිට ප්රධාන චරිත සඳහා නිළියන් දෙදෙනෙකු තෝරා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ ප්රියා භවානි හා අයිශ්වර්යා රජේස් දෙදෙනාය. කමල් හසන් සුපුරුදු පරිදි මෙහි ප්රධාන චරිත නිරූපණය කරන අතර, ශේකර් විසින් චිත්රපටය අධ්යක්ෂණය කරනු ලබයි. චෙන්නායි, ගෝවා හා හයිද්ර්බාද් නගරයන් හි මෙහි රූපගත කිරිම් කටයුතු සිදු කරන අතර, ගී කිහිපයක් මැලේසියාව හා බාලී දුපත්වල රූපගත කරන බවට මේ වනවිට තොරතුරු ලැබේ.