‘ඉන්ටර්ග්‍රැම්ස්’ තරගයට එක්වූ අලුත්ම නිළිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020-04-05-ent-10

ඉන්දියාවේ වැඩිම රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ තරු අතරට මේ වනවිට යොවුන් බොලිවුඩ් සිනමා නිළි අනන්යා පාණ්ඩේද එකතු වී ඇතැයි වාර්තා වේ. පසුගිය සති අන්තය නිමාවන විට ඇයට ආදරය කරන රසික පිරිස් මිලියන 10ක පිරිසක් අනන්යාගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට එකතු වී සිටින බව සඳහන් වේ.

‘ස්ටුඩටන්ට් ඔෆ් ද ඉයර්’ හා ‘පති පත්නි අවර් වෝ’ චිත්‍රපට තුළින් ඉහළ රසික ප්‍රතිචාර දිනාගත් ඇය අවසන් වරට පෙනී සිටියේ ‘අන්ග්‍රිසි මිඩියම්’ චිත්‍රපටයේ ‘අයිටම්’ ගීතයක් සඳහාය. මේ වනවිට ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.