ඉදිරි ‘ස්පයිඩර් මෑන්’ චිත්රපට අවින්ශ්චිතයි
මේ වසරේ තිරගත වූ ‘ස්පයිඩර් මෑන් -ෆෙයාර් ෆොම් හෝම්’ චිත්රපටය ඇමෙරිකානු ඩොලර් බිලියනකට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සමත් වූවද මේ වනවිට ‘මාවල්’ චිත්රපට සමාගම හා ‘සෝනි’ සිනමා සමගමේ සේවය නිරතව සිටින කිහිප දෙනෙකුගේ මත ගැටුම් නිසා ඉදිරියේදී යළිත් වරක් ‘ස්පයිඩර් මෑන්’ චිත්රපටයක් තිරගත වෙනවාද නැද්ද අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දී සිටින බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, වර්තමාන ‘ස්පයිඩර් මෑන්’ චිත්රපට මාලාවේ ප්රධාන චරිතයට පණ පොවන ටොම් හාලන්ඩ් පවසන්නේ මේ සම්බන්ධව තමාටද මැදිහත් වීමට සිදුවු නිසා පසුගිය සති කිහිපය තමාද දැඩි කණස්සල්ලයකින් පසුවු බවය. ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරියේදී මේ සම්බන්ධව සුබවාදි තිරණයක් තමාට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවය.