ඉදිරි දින කිහිපය අසීරු කාලයක් වනු ඇති - කොරෝනා ගැන, බොලිවුඩ් සිනමාවේ නළු ශාරුක් ඛාන් තැබු සටහන
පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස හින්දි සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම ලෝක ප්‍රකට නළුවෙකු වන ශාරුක් ඛාන් සිය රසිකයින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු මෙම ඉල්ලීම සිදු කළේ, සිය නිළ ට්විටර් ගිණුමෙහි විඩියෝ පටයක් ද එක් කරමින්.
රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි ඔහු එමඟින් ඉල්ලීමක් කර තිබුණේ.
අනවශ්‍ය ලෙස පොදු ප්‍රවාහනය භාවිත කිරීමෙන් වළකින ලෙසත් ශාරුක් ඛාන් පවසනවා.
ඉදිරි දින 10 - 15 ඉතා අසීරු කාලයක් වන බවයි එහිදී ඔහු කියා සිටියේ.
රජය සහ මහජනතාව එක්ව මෙම අර්බුදයට එරෙහිව සටන් කළ යුතු බව ද එම විඩියෝවේ සඳහන්.
කෙසේ වෙතත් අදාළ වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරනොගන්නා ලෙසයි ශාරුක් ඛාන් ඉල්ලීමක් කළේ.
වැරදි තොරතුරු අනුගමනය නොකිරීමටත්, රජය විසින් සිදු කරනු ලබන මඟපෙන්වීම් යටතේ කටයුතු කිරීමටත් වගබලා ගන්නා ලෙස ද ශාරුක් ඛාන් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර ඉන්දියාව පුරාවට හෙට දිනයේ ජනතා ඇඳිරි නීතිය පැනවීමටයි එරට මධ්‍යම රජය තීරණය කර ඇත්තේ.
එමඟින් ස්වයං නිරෝධායනයක් අපේක්ෂා කරන බව ද රජය ප්‍රකාශ කරනවා.
මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 250 දෙනෙකු හමුවී ඇති අතර ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.