ඈෂ්ලේ ග්රැහැම් අවුරුදු 17 දී දූෂණය වුණාලු
Ashley Graham නම් ඇමෙරිකානු නිරූපිකාව විසින් පැවසූ යම් කාරණාවක් මේ වනවිට විදෙස් වෙබ් අඩවි වල ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ. ඇය එක් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ තමන් වයස අවුරුදු 17දී දූෂණයට ලක්වූ බවයි. ඒ වෙළෙඳ දැන්වීමක් සඳහා ඡායාරූප ගැනීමේදී එහි සිටි කැමරා සහායකයෙකු අතින් බවයි ඇය පවසන්නේ. මේ බව මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ ප්‍රථම වරට බවත් ඇය සඳහන් කර තිබුණි.