“ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් Spoil කරන්න එපා” අධ්යක්ෂවරු ඉල්ලති
නවතම ඇවෙන්ජර්ස් සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු හෙළි නොකරන මෙන් එහි අධ්යක්ෂවරු රසිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් තිරගත කිරීමට පෙර නොසිතු ලෙස එහි වීඩියෝ කොටස් සහ ඡායා ප්‍රසිද්ධ වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ඇන්තනි සහ ජෝ රූසෝ සහෝදරයින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
විවෘත ලිපියක් යොමු කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ “කරුණාකර අනිත් පිරිස වෙනුවෙන් මෙය සිදු කරන්න එපා,” යනුවෙනි.
ප්‍රසිද්ධ වූ වීඩියෝ කොටස් ඉවත් කිරීමට පෙර ඒවා සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබුණි.
ඇවෙන්ජර්ස් සිනමාවලියේ අවසාන සිනමාපටය වන එන්ඩ්ගේම් අප්‍රේල් 25 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ කෙරේ.
එම ලිපිය පහතින්,