‘ඇවටර්’ දෙවැන්නේ වැඩ නිමයි
‘කොවිඩ් 19’ වසංගතය ලොවපුරා වර්ධනය වීම ආරම්භයත් සමග තාවකාලිව සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ඇවටර්’ දෙවැන්නේ වැඩ කටයුතු අතරමඟ නවතා දැමු සුප්‍රකට ‘ඔස්කා’ සම්මානලාභි ජේම්ස් කැමරන් මේ වනවිට ‘ඇවටර්’ දෙවැන්නෙහි සියලු වැඩ මේ වනවිට අවසන් කර තිබෙන බව මාධ්‍යයට පවසා ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවතත් නවසීලන්තයේදී ‘ඇවටර්’ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කළ ඉතා සුළු දින ප්‍රමාණයකදී එහි සියලු රූපගත කිරිම් කටයුතු අවසන් කරන්නට කැමරන් ඇතුළු පිරිසට හැකි විය. මේ වනවිට මෙහි සංස්කරණ කටයුතුවලද සියයට 78ක ප්‍රමණයක් අවසන් කර තිබෙන බව වාර්තා වෙයි.