‘ඇවටර්’ තුන්වැන්නත් වැඩ ඇරඹෙයි
ලබන වසරේ ප්‍රදර්ශනය විමට නියමිත ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ වනවිට සියයට 97ක් අවසන් වී ඇති බව වාර්තා වෙයි. ‘ඇවටර්’ දෙවැන්නට පසුව එම චිත්‍රපටයේම තවත් කොටසක් 2022 වසරේදි ප්‍රදර්ශනය කිරීමට කැමරන් බලාපොරොත්තු වෙන අතර, එම චිත්‍රපටයේද රූපගත කිරිම් කටයුතු තවත් නොබෝ දිනකින් ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.
2009 වසරේ තිරගත වූ ‘ඇවටර්’ චිත්‍රපටයේ පළමු වැන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 3000කට ආසන්න මුදලක් උපයාගන්නට සමත් විය. ගෙවුණු වසරේ ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ් ගේම්’ චිත්‍රපටය ‘ඇවටර්’ චිත්‍රපටය විසින් උපයාගත් ආදායම ඉක්මවා යන්නට සමත් වූ අතර, ඔවුන් දශකයකට වඩා වැඩි කාලයක් ලොව ඉහළම ආදායම උපයාගත් චිත්‍රපටය බවට පත්වද තිබුණි.