ඇමෙරිකානු රැප් ගායකයෙකු වෙඩි තැබීම ගැන පොලිස්පරීක්ෂණ පුළුල් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-21-ent-112

2018-06-21-ent-114ඇමරිකානු රැප් ගායක ට්‍රිබල් එක්ස් ටෙන්ටේෂන් (XXXTentacion) වෙඩි තබා ඝාතනයකර තිබෙනවා. ඒ පසුගිය 18 වැනිදාය. දකුණු දිග ෆ්ලොරීඩා හිදී මොහුට වෙඩ් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ. 20 වැනි වියේ පසුවූ මෙම ගායකයාට වෙඩි තබා ඇත්තේ තමන්ගේ මෝටර් රථයේ සිටියදීය. නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මෙම ගායකයා මෝටර් රථය තුලදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඝාතනය සඳහා තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණි ඇති බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වන්නේ. මොහුගේ මිය යාම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් නමින් ප්‍රකටව සිටියද මොහුගේ සැබෑ නම ජාහ්සේහ් ඔන්ෆ්‍රෝයි බවයි ෆ්ලොරීඩා ආරක්ෂක අංශ පවසන්නේ. රැප් සංගීත ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වූ 20 හැවිරිදි මෙම ගායකයා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ චෝදනා රැසක් එල්ල වූවෙක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඔහුට එරෙහිව මේ වනවිට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ සාහසික අපරාධ සිද්ධීන් 15කට වැඩි ප්‍රමාණයකට අධිකරණයෙන් චෝදනා එල්ල වී ඇති බව සඳහන් වෙයි.

මොහුගේ මියයාම පිළිබඳව ඇමෙරිකානු රැප් ගායක කාන්යේ වෙස්ට්, ජේ කෝල්, කින්ග් පුෂ්, ලිල් බී, අයිජීසේ, කෝටා, කී මාස්ක්, ඩිබ්ලෝ, අරොන් කන්ටර් වැනි රැප් ගායකයන්ද තම ට්විටර් ගිණුම් ඔස්සේ ශෝකයද ඵල කර තිබේ.

 

2018-06-21-ent-111  2018-06-21-ent-113