ඇමෙරිකානු ජනාධිපති යාළු වෙන්න ගිය හොලිවුඩ් නිළිය
සල්මා හායෙක් යනු හොලිවුඩයෙන් බිහිව ඇති විශිෂ්ඨ නිළියකි. ඇය ඕනෑම කාරණාවක් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කතා කිරීමට කිසිඳු බයක් නොමැති කෙනෙකි. ඇය පසුගිය දිනෙක ගුවන් විදුලි නාලිකාව සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ දෙයක් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවයි. ඇය වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හැඳින ගන්නේ ජනාධිපති ධූරයට පත් වීමට ප්‍රථමයෙන් බවයි ඇය පවසන්නේ. ඇයට ඒ කාලයේදී පෙම්වතෙක් සිටියත් ට්‍රම්ප්ට ඇයත් සමග ඇසුරු කිරීමට ඕනෑකමක් තිබුණු බවයි ඇය පවසා ඇත්තේ. මේ කාරණාව සමාජ වෙබ් අඩවි වල විශාල පුවතක් වී තිබෙනවා. මේ කාරණාව කොපමණ දුරට සත්‍යද යන්න බව බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබෙනවා.