ඇමි නිසා ජැකලින් හැළේ
ජනප්රිය සිනමා නිළි ඇමි ජැක්සන්, සල්මාන් ඛාන්ගේ ‘කික්’ දෙවැනි චිත්රපටයට තෝරා ගෙන ඇති බව සඳහන් වේ. මේ නිසා ‘කික්’ පළමු චිත්රපටයේ රඟපෑ ජැකලින් ෆර්නැන්ඩෙස් හට එම චිත්රපටයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමිවී තිබෙන බව සඳහන් වේ.
මීට පෙර වාර්තා වූයේ ‘කික්’ දෙවැනි චිත්රපටය සඳහා ජැකලින් ෆර්නැන්ඩෙස් සම්බන්ධ කරගන්නා බවය. මේ වනවිට හොලිවුඩයේද ජනප්රිය නිළියක් බවට පත්ව සිටින ඇමි ජැක්සන් අගෝස්තු මාසයේදී තිරගත වීමට නියමිත ‘2.0’ චිත්රපටයේද ප්රධාන නිළි චරිතය නිරූපණය කරනු ලබන්නේ.
ඇමි ජැක්සන් රඟන ‘කික්’ දෙවැනි චිත්රපටය ලබන වසරේ ප්රදර්ශනය වීමට නියමිතව ඇත.